Wednesday, 10 February 2010

සබඳ අපි කඳු නොවෙමු



"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුළා තබන
සිසිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදී සුව බිඳින
සොඳුරු අඩහැරය වෙමු
දනන් නින්දෙන් මුදන"

No comments:

Post a Comment